අහස දිහා බලාගෙන ඉඳලා, ඉඳලා... කාටත් හොරා සඳවතිය සිපගන්න හිතුවා විතරයි... . කොහේදෝ රස්තියාදුවෙ යන වලාකුළක් ඇවිත් සඳවතියව වහගත්තා... . අනේ ඉතින් වෙන මොනව කරන්නද, සෙන්ටිග්රේඩ්ස්ලගෙ ලස්සන සිංදුවක් මුමුණ මුමුණ(සඳවතියේ ඔබෙ මුදු දෑතේ...........) සඳවතිය ගාවම දිලිසි දිලිසි ලස්සනට හිනාවෙන පුංචිම පුංචි තරුවක්, නෑ නෑ තරු කුමාරියක් දිහා බැලුවා.... . සඳ තරම්ම එලියක් නැති වුනත් මොකද්දෝ අමුතු හැඟීමක් එක්ක බලාපොරොත්තුවක් දැනුනා.... . ඇත්තටම දැන් මට තේරෙනවා.... . "අනුන්ගෙන් එළිය අරන් බැබලෙන හඳකට වඩා, තමන්ගෙම එලියෙන් බැබලෙන පුංචිම පුංචි තරුවකට කරන්න පුලුවන් දේ බොහෝමයි කියල...." . . මම තරුකුමාරි ලඟටම ගියා.... බලන් ගියාම එයා මම හිතුවටත් වඩා එලියයි.... . . -MJ-
Comments
Post a Comment