අනන්තේ සොයා...

අනන්තේ සොයා... 
තටු දිගැරලා...
පියඹන්න නම්...
ක්ෂිතිජෙන් එහා...
.

එන්න
මා වෙත සොයා...
මාවත සදා, දෙමි...
මිරිඟුව දරා...
ගන්න අහසට එහා...
.
සුවඳයි...
මල් යාය සේ සුවඳයි ...
මියුරුයි ...
සිහින් තත්සර ගලා එයි...
.
පැතුමයි...
එක්ව පිය නගන ලෙසටයි ...
හැඟුමයි...
සෙනෙහසේ මිහිරි හැඟුමයි ...
.
අනන්තේ සොයා...
තටු දිගැරලා...
පියඹන්න නම්...
ක්ෂිතිජෙන් එහා...
.
එන්න
මා වෙත සොයා...
මාවත සදා, දෙමි...
මිරිඟුව දරා...
ගන්න අහසට එහා...
.
සිතුමන්...
හද පුරා මැවෙන සිතුවම් ...
සිහිනෙන්...
පවා මා නුඹගෙ වෙද්දෙන්...
.
හැම කල්...
ආදරෙන් නුඹගෙ වෙන්නම්...
සසරින්...
සසර එක් වී හිඳින්නම්...
.
අනන්තේ සොයා...
තටු දිගැරලා...
පියඹන්න නම්...
ක්ෂිතිජෙන් එහා...
.
එන්න
මා වෙත සොයා...
මාවත සදා, දෙමි...
මිරිඟුව දරා...
ගන්න අහසට එහා...
.
.

-MJ-



Comments

Popular posts from this blog