සුවඳ අරගෙන යන්න අවසර, නුඹෙන් සමුගෙන රත්තරන්....
දුරින් හිඳ මා බලා ඉන්නම්, සසරෙ මතු මතු රත්තරන්...
භවෙන් භවයට හමු වන්න නුඹ පතමි සැම දින රත්තරන්...
සදා නොලැබෙනමුත් නුඹට මම ආදරෙයි මගෙ රත්තරන්....
.
සඳකිඳුරු දා නුඹට පෙම් බැඳි සඳ කිඳුරු මා නොවුනමුත්...
රජ දවස මා පෙම් බැන්ද නුඹ සි‍ටු කුමරි මා සේරි නම්...
ඉසුරුමුණි පෙම් යුවල වී අප සදා සෙනෙහෙන් නොවුනුමුත්...
නුඹට මා මෙන් පෙමින් කිසි දින කෙලෙස කවුරුන් බැ‍ඳෙන්නෙම්?
.
.
.
-MJ-

Comments

Popular posts from this blog

අනන්තේ සොයා...