නුඹට නෑ තනිකම...
සඳ තරු නිදන දහවල...
හිරු නිදන රාත්‍රිය...
ගෙවී යයි නිරතුරුවම...
මා තවම නිදි නැත...
.
පැතුම් පොදි ගහගෙන...
සිතුම් වැල් සිත සිත...
තැවෙයි මගෙ හදවත...
නුඹට නෑ තනිකම...
.
තනිව සිත වැලපෙන...
තනිකමට සිත ගැලපෙන...
පැයක්, පැය දෙකක් නොව...
සදාකාලික මතකයක් නුඹ...
.
දුක් සෝසුසුම් අමුණන...
කවි පොතක් ඇත මා ලඟ...
සඳපානේ හිඳ මුමුණන්න...
තවම බැරිවුනු මට...
.
සඳ නොපෑමුත් අද...
අන්ධකාරය පමනමුත් අද...
අඳුරට බයයිමුත් මම....
තනිව ඉන්නම් සීතලේ මම....
.
.
.
-MJ-

Comments
Post a Comment