Posts

පැවැත්ම

Image
අතීතයට වඩා වර්තමානයත්.... වර්තමානයට වඩා අනාගතයත්... ඒ සියල්ලටම වඩා පැවැත්මත්, සාර්ථක නොව අති සාර්ථක කරගැනීමට අප කවුරුත් උත්සුක වන්නෝය.... . එය භෞතික මෙන්ම ආත්මීය වශයෙන්ද කර ගැනීම අප කාගේත් පරම අවශ්‍යතාවයම වන්නේය.... එය හැකි පමන සාර්ථකකර ගැනීමට ජීවිතයේ විවිධාකාරවූ තීරණ තීන්දු වලට එළඹීමට සිදු වන්නේය.... . වඩාත්ම කැමති දෙය අත හැර.... කැමති හෝ අකමැති දෙය පසු පස යාමට අපට සිදුවන්නේය... . ආරම්ඹය අපහසුය.... දුශ්කරය... . නමුත් එය පසුව වඩාත් පහසු වනු ඇත.... . සිනාවෙන්න ජීවිතයට හුරු කරවනු ඇත... . බිය නොවන්න.... බුදුන්ටද එය එසේම විය.... . තමන් මෙන්ම තම දෙමවුපියන්ගේද අපේක්ශාවන් වෙනුවෙන් කැප කිරීම් සිදු කිරීමට ඔබ අප කාටත් සිදුවනු ඇත... . තමන් මෙන්ම ඔවුන් ගැනද සිතා වැඩ කටයුතු කිරීමම ඔබේ අනාගතයට මහා රුකුලක් වනු ඇත.... . . -MJ-

"අපි බෙදාගෙන කමු"

Image
මට සිතෙන දෙය නම්... මා හට බඩගින්නක් නැති අවස්ථාවන්හිදී මා හුදෙක් මනස පිනවීමට ගනු ලබන ආහාරද්‍රව්‍ය මෙන්ම... මාගේ පරිභෝජන ප්‍රමානයට වඩා සකස් කර මා විසින් ඉවත දමන ආහාරද්‍රව්‍යද... මෙලොව කුසගින්නේ සිටින එක් අයෙකුගේ හෝ ආහර වේල විය හැකිය... දුප්පත්කම මෙන්ම... බඩගින්නද තුරන් කරමු...  ආහාර ආරක්ෂා කරමු... සිත නොව බඩගින්න පමණක් පිරවීමට හැකි සෑමවිටම උත්සාහ කරමු... ඉවතලෑමට සිදුවන සියලු ආහාර ද්‍රව්‍ය සතෙකුට හෝ පරිභෝජනයට ගත හැකි ලෙස ඉවතලමු... හැකි සෑම විටම නැති අය සමග ආහාර බෙදාගමු... විනෝදය... පිනවීම අවශ්‍යයි ... නමුත් සීමා සහිත වෙමු...  "අපි බෙදාගෙන කමු" -MJ-

ලොවයි මගේ අම්මා

Image
පුළුන් වලා සිනිඳු සේල... ලෙස අතුරන්නී... . දුහුල් විමානයෙන් පවන් ... සලා ගයන්නී... . හිරුට සඳුට එක ලෙසටම... සෙනෙහස දෙන්නී.. . ලොවයි මගේ අම්මා , නුඹ... මගේ රජින්ඳී... . . . -MJ-
Image
දොර අරින්න උත්සාහ නොකර... යතුරු හිලෙන් ලෝකය දිහා බලාගෙන... ඒ හිලම ලොකු කරගන්න උත්සාහ කරන... . තමන්, තමන් සිටින තැන, තමන් කරන දෙයම හරියැයි සිතන සත්තු එකතුවෙලා ඉන්න තැන... -මිනිස් සමාජය- . මනුස්සකමට පෙරවදන්... . . . -MJ-

අනන්තේ සොයා...

Image
අනන්තේ සොයා...  තටු දිගැරලා... පියඹන්න නම්... ක්ෂිතිජෙන් එහා... . එන්න මා වෙත සොයා... මාවත සදා, දෙමි... මිරිඟුව දරා... ගන්න අහසට එහා... . සුවඳයි... මල් යාය සේ සුවඳයි ... මියුරුයි ... සිහින් තත්සර ගලා එයි... . පැතුමයි... එක්ව පිය නගන ලෙසටයි ... හැඟුමයි... සෙනෙහසේ මිහිරි හැඟුමයි ... . අනන්තේ සොයා... තටු දිගැරලා... පියඹන්න නම්... ක්ෂිතිජෙන් එහා... . එන්න මා වෙත සොයා... මාවත සදා, දෙමි... මිරිඟුව දරා... ගන්න අහසට එහා... . සිතුමන්... හද පුරා මැවෙන සිතුවම් ... සිහිනෙන්... පවා මා නුඹගෙ වෙද්දෙන්... . හැම කල්... ආදරෙන් නුඹගෙ වෙන්නම්... සසරින්... සසර එක් වී හිඳින්නම්... . අනන්තේ සොයා... තටු දිගැරලා... පියඹන්න නම්... ක්ෂිතිජෙන් එහා... . එන්න මා වෙත සොයා... මාවත සදා, දෙමි... මිරිඟුව දරා... ගන්න අහසට එහා... . . -MJ-
Image
අහස දිහා බලාගෙන ඉඳලා, ඉඳලා... කාටත් හොරා සඳවතිය සිපගන්න හිතුවා විතරයි... . කොහේදෝ රස්තියාදුවෙ යන වලාකුළක් ඇවිත් සඳවතියව වහගත්තා... . අනේ ඉතින් වෙන මොනව කරන්නද, සෙන්ටිග්‍රේඩ්ස්ලගෙ ලස්සන සිංදුවක් මුමුණ මුමුණ(සඳවතියේ ඔබෙ මුදු දෑතේ...........) සඳවතිය ගාවම දිලිසි දිලිසි ලස්සනට හිනාවෙන පුංචිම පුංචි තරුවක්, නෑ නෑ තරු කුමාරියක් දිහා බැලුවා.... . සඳ තරම්ම එලියක් නැති වුනත් මොකද්දෝ අමුතු හැඟීමක් එක්ක බලාපොරොත්තුවක් දැනුනා.... . ඇත්තටම දැන් මට තේරෙනවා.... . "අනුන්ගෙන් එළිය අරන් බැබලෙන හඳකට වඩා, තමන්ගෙම එලියෙන් බැබලෙන පුංචිම පුංචි තරුවකට කරන්න පුලුවන් දේ බොහෝමයි කියල...." . . මම තරුකුමාරි ලඟටම ගියා.... බලන් ගියාම එයා මම හිතුවටත් වඩා එලියයි.... . . -MJ- 
Image
නුඹ ඈත අහසේ සඳ වූ කල මගේ මග දිලිසුනි.... . නුඹේ සෙනෙහස නිසා නෙත කඳුලැල් වියැකුණි... . නුඹේ සිතට රූ වරුණෙට සිත බැඳුනි... . මගේ සිතේ රන් මල ලෙස නුඹ පිපුනි.... . . -MJ-